Graphics Card ගැන වැඩිදුර තොරතුරු…..

 

කලින් ලිපියෙන් අපි සොයා බැලුවා Graphics card කොහොමද වැඩ කරන්නේ කියලා. මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ Graphics ගැන කතා කරනකොට අපිට අහන්න ලැබෙන යෙදුම් කිහිපයක් සම්බන්ධයෙන්. ඒ වගේම Graphics card එකක් තෝරාගැනීමේදී මූලිකත්වය දෙන්න ඕන කරුණු සම්බන්ධයෙනුත් යමක්.

VGA 

VGA එහෙමත් නැත්නම් Video Graphics Array කියලා හඳුන්වන්නේ standard එකක්. මෙහි වර්ණ 256 ක් භාවිතා වෙනවා. මෙය තමයි දැනට භාවිතා වන අවම standard එක. දැන්ට භාවිතා වෙන අධි තාක්ෂණික standard එකකට උදාහරණයක් තමයි,  Quantum Extended Graphics Array (QXGA) කියන්නේ. එහි වර්ණ මිලියන ගණනක් භාවිතා වෙනවා.

DirectX සහ OpenGL

DirectX සහ OpenGL කියන මේ දෙකම application programming interfaces (APIs) දෙකක්. API මගින් විශේෂ අවස්ථාවලදී අවශ්‍ය කරන විශේෂ උපදෙස් ලබාදී, hardware සහ software අතර සන්නිවේදනය වඩා කාර්යක්ෂම කරගන්න පුළුවන්. 3D rendering වැනි සංකීර්ණ කාර්යයන් වලදී මෙය බෙහෙවින් උදව් වෙනවා. පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවන්ට මේවා බෙහෙවින් උදව් වෙනවා. ඇතැම් පරිගණක ක්‍රීඩා නියමාකාරයෙන් ක්‍රියාකිරීමට පවා DirectX/OpenGL වල යාවත්කාල සංස්කරණ (updated versions) අවශ්‍ය වන්නේ මේ නිසායි.

Graphics card එකක් තෝරාගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු

Graphics card ඒවායේ performance අතින් විශාල පරාසයක පවතිනවා. අධි කාර්යක්ෂමතාවයකින් යුත් graphics card එකක් අපේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතින්න පුළුවන්. පරිගණකයක් භාවිතා කර එදිනෙදා සාමන්‍ය වැඩ කටයුතු කරන කෙනෙකුට නම්, motherboard එකත් සමගම එන Integrated graphics card එකක් ප්‍රමාණවත්.

පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවන්ට සහ 3D graphic නිර්මාණකරුවන්ට නම් performance අතින් ඉතා ඉහළ graphics card එකක් තිබීම වැදගත් වෙනවා.

එකක කාර්යක්ෂමතාව මනින මිම්මක් තමයි Frame rate (ඒකකය FPS – Frames Per Second). Frames Per Second කියලා හඳුන්වන්නේ, තත්පරයකට graphics card එක මගින් පෙන්විය හැකි සම්පූර්ණ රූප ප්‍රමාණයයි.

සාමාන්‍ය මිනිස් ඇසට තත්පරයට රූපරාමු 25 ක් (25FPS) හඳුනාගන්න පුළුවන්. නමුත් graphics card එකක  frame rate මේ පරාසායේ තිබීම ප්‍රමාණවත් නැහැ. පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කිරීමට නම් 60FPS පමණ කාර්යක්ෂමතාවක් අවශ්‍ය වෙනවා. එතකොට තමයි smooth animation සහ අනුචලන (scrolling) වඩාත් තාත්විකව ගෙන එන්න පුළුවන් වෙන්නේ.

graphics card එකක කාර්යක්ෂමතාවට එහි hardware capabilities ඍජුවම බලපානවා. පහත සඳහන් වෙන්නේ එවැනි සාධක කිහිපයක්.

  • GPU clock speed (MHz)
  • Size of the memory bus (bits)
  • Amount of available memory (MB)
  • Memory clock rate (MHz)
  • Memory bandwidth (GB/s)
  • RAMDAC speed (MHz)

කලින් ලිපියේ සඳහන් වුණා graphics card එකක් මගින් binary data පින්තූරයක් බවට පරිවර්තනය කරන ක්‍රියාවලියේදී පරිගණකයේ motherboard එක සහ processor එක එයට සම්බන්ධවන බව. එනම් අවශ්‍ය දත්ත සහ උපදෙස් GPU වෙත ගෙන ඒම සඳහායි. ඉතිං කොපමණ වේගවත් graphics card එකක් තිබුණත් processor එකේ සහ motherboard connection එකේ වේගවත් බවත් මේ සම්පූර්ණ ක්‍රියාවලියට බලපානවා. ඒ නිසා උපරිම ප්‍රතිදානයක් ලබාගන්න නම් මේ සියලු කොටස් අතර එකිනෙකට ගැළපෙන බව (compatibility) තිබිය යුතුයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )